Saturday, April 18, 2015

මේ වෙනකොට පැය  කීයක්  ගෙවිල ගිහිල්ලද.දවස් , සති ,මාස ,අවුරුදු කියක් නං ගෙවිල ගිහින්ද. හැමදාම වගේ අදත් එක දවසක්.... එත් මට  හිතාගන්න බැරි අයි තාමත් මව තේරුන්  ගන්න බැරි කියලා .කාලයක් බලන් ඉදල බලන් ඉදල හරිම වෙලාව බලල ඔයාට කිවුවේ .එත් ඔයා මොකද කරේ... කෙලින්ම ඔයාගේ අදහස කියල නිහඩ උනා.. ඔව් එකේ කිසි වැරද්දක් නෑ ... ඔයා හරි.එත්...
ආයිත්  මාසෙකින් කොහොම හරි අපි දෙන්න සුපුරුදු පරණ සබදතාවයම ආරම්බ කරා.

ඒ නිහඩ වෙලා හිටපු කාලේ මොකද ඔයාට උනේ කියල ඇහුවම මොකුත්ම ඒ ගැන කතා නොකර අපි දෙන්න අද වෙනකන් අවා.

ඒ ගමනේදී ඔයාට මන් ගැන ඔයාගේ ජිවිතේ ඇතුලේ සැමරුම් කිහිපයයි තියෙන්න ඇත්තේ. එත් ඒ ගෙවුන හෙම මොහොතකම මට ඔයා ගැන සැමරුම් මගේ හිතේ පැලපදියම් වුනා.

මෙහෙමයි ඉතින්... මට ඔයා මුණ ගැහිලම කතාවක් තිනවා කියන්න.එක ටිකක් දිග කතාවක්.මට ඔයාව හම්බවෙලම ඒක කියන්න ඕන.මන් හිතනවා ඔයා අනිවාර්යෙන් මට එකට අවස්ථාවක් දෙයි කියල.
මට ඒ අවස්තාව ඉක්මනටම ඕන.

අද දවසම බලන් ඉදල මාර අමාරුයි හිතට.කරන්න දෙයක් නෑ ..
මේ කාරණයේදී මට ටිකක් ඉවසන්න වෙනවා.

මන් තීරණයක් අරන් ඉවරයි..
ඔයාම  විතරයි.හොද සිහියෙන් තමයි මේක මන් කියන්නේ.
හ්ම්ම්ම්.............
ඉවසන්නන් තවත්..
එත් පරක්කු වෙන්න බෑ  දෙන්නටම .............

අදුරුතුමියයි ප්‍රේමයේ ... ඔබ


අද ඉදන් බලාපොරොත්තු වෙන්න..

Saturday, November 17, 2012

අවුරුදු 15ක කොලුගැටයෙක් අවුරුදු 30ක ගැහැනියකට ආදරය කිරීම.


මහා අනෝරා වැස්සක් දවසක මොරසුරන වැහිබිදු ඊපහරවල් වගේ ඇවිත් අගේ වදින උදෑසනක අවුරුදු 15 ක කොල්ලෙක් සීතලට ගැහි ගැහි කෝච්චියේ යනවා.තරමක අපහසු ඉරිඅවුවක් තමයි මේ කොල්ල ඉන්නේ.ඔහු කෝච්චියෙන් බහිනවා අමාරුව වැඩි කමටම.බැහැල නිවසක් අසල වමනය කරනවා.ඒ ගේ අයිති අවුරුදු 30ක විතර ගනු කෙනෙකුට.ඇය ඉතා ලෙන්ගතු විදිහට අර ළමය වමනය කරපුව හෝදලා ළමයට ආමන්ත්‍රණය කරනවා.අන්තිමේ ළමය නිවසට ඇරලවන්න හදනකොට ළමය තනියම යන්නන් කියල එනවා.එවිට ඇය කියනවා" තමන්ගැන මිට වඩා පරිස්සන් වෙන්න" කියල..  පහුවදා  තමන්ට කරපු උපකාරය වෙනුවෙන් කාලගුණ සලකන්න මල් මිටියකුත් අරන් අර ළමය යනවා ඒ ගනු කෙනාගේ ගෙදරට.ගනු කෙනා අදුන් මදිමින් ඉන්නවා.ඇය ළමයට කියනවා මල් පොකුර පැත්තකින් තියල යන්න..... තමන් අදුන් අදිනවා කියල.ළමය එලියට යනවා දොර බාගෙට අඩවල් කරගෙන.අගේ නිරුවත් නග්න සිරුර  බාගෙට අඩවල් කර දොරෙන් ළමය දකිනවා................... මොහොතකදී ඔවුන් දෙදෙනාගේ අස් හමුවෙනවා.දෙදෙනාටම යම් අපහසු තාවයක් දැනෙනෙව.ළමය වේගවත් ගමනින් පඩිපෙළ බැහැල ගෙදර යනවා.පහුවසාත් ළමයට ඇය බලන්න ඕන.... ඒ ළමයාගේ ඇග ගිනිගන්නවා වගේ.ළමය යනවා ඇය හමුවන්න....... දෙවන දවසේ අවුරුදු 15ක ළමයත් අවුරුදු 30ක් වෙන ගැහැණියත්   
කාමයෙන් මුසපත්ව ඔවුන්ගේ ලොවේ තනිවෙනවා.........................................  පහුවදා පාසල නිමාවෙලා කොලුගැටය කෙලිම්ම දුවන් යන්නේ ඇගේ නිවසට. ඇයත් මේ කොලු ගැටය එනකන් නොසන්සුන්.,,  මේ කොලුගැටය මෙච්චරකල් ගෙවපු දැඩි ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ක්‍රියාශීලි වෙනවා. ඔහුටත් නොදනිම ඔහු වැඩිමහල් ඉස්ත්‍රියට ආදරය කරන්න පටන් අරන්.ඔවුන් අබුසමියන් ලෙස දවස් දෙකක් ගතකරාට පස්සේ තමයි ඔවුන් දෙන්නට දෙන්න හදුනාගන්නේ.එතෙක් දෙදෙනාගේ නනම් පවා ඔවුනොවුන් දැන්නෑ. ලොකුම දේ තමයි මේ ගැහැණියට කියවන්න නොහැකි වීම.කොලු ගැටය ඇයට විවිධ පොත් කියාදෙනවා.පොත දෙදෙනාම විදිනවා .ඔව් දැන් ඔවුන් දෙන්න ආදරය කරනවා.දැඩි රාගයෙන් පටන්ගත්ත මේ සම්බන්දය දැන් රාගයෙන් පිරුණු ආදරයක් බවට පත්වෙලා.දැන් ඔවුන් විනොදගමන් යනවා...විනෝද වෙනවා...

අලුත් ආරම්බයක්ද?...... මේ ළමයාගේ පන්තියේ සම වයසේ ගනු ළමයෙක් කොලුගැටය පිළිබද උනන්දු වෙනවා... 
මේ ආදර කතාවට  තුන්වෙනියෙක්..........................



සුපුරුදු ලෙස කොලුගැටය අයගේ නිවසට යනවා..ඔහු අන්ටන්චේකොෆ්ගේ පොතක් ගිනිහින් ඇයටත් ඇසෙන්නට කියවනවා.

සොෆී..... පාසලේ මිතුරිය ඔහුට හිමින් හිමින් ලංවෙනවා.ඇත්තටම ලංවෙන්න වුත්සහ කරනවා.මේ අතරතුර වැඩිමහල් කාන්තාව සමග කොලුගැටය පුංචි රන්දුවක පැටලෙනවා.


ඊටපසු කුමක් වේවිද?
කොලු ගැටයා සහ වැඩිමහල් කාන්තාවගේ ආදරය දිගටම පවතීද?
කොලු ගැටයා වැඩිමල් කාන්තාව අතහැර   මිතුරිය සමග එකතුවේද?
මේ කතාවේ අවසානය කුමක් වේවිද?

 ඇත්තටම ඊටපස්සේ මොකද වෙන්නේ........ 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
                     The Reader 


2008 බිහිවෙච්ච  ඉංග්‍රීසි  සිනමාපටයක් තමයි මේක.සම්මාන රැසකටම උරුමකම් කියන මෙම සිනමාපටය නරබලාම කතාවේ ඉතිරුටික දැනගන්න පුළුවන් වේවි.මුළු කතාවම මම කිවුවනන් එකේ තියෙන නියම රසය නැති වෙනවා.ඉතින් හොද සිනමාපටයක් නරබන්න.
The Reader 


ආදරයේ.... රාගයේ......කාමයේ.......වෙනස පැහැදිලිව වටහාගෙන ජීවිතය විදින්න.කොහොමහරි මෙම සිනමා පටය හොයාගෙන බලන්න.


ප්‍රධාන නිළිය 

                                        ප්‍රධාන නළුවා.


















ආදරයේ.... රාගයේ......කාමයේ.......වෙනස පැහැදිලිව වටහාගෙන ජීවිතය විදින්න.කොහොමහරි මෙම සිනමා පටය හොයාගෙන බලන්න.

Sunday, April 29, 2012

කවිය

                                                                   






වර්තමානයේ කවිය කුමක්ද යන්න පවා හරිහැටි නොදන්නා සමාජයක් සිටීම ශෝක ජනකය. FACE BOOK කවියන් අද සමාජයේ ඉදිරියෙන් සිටින බව පිළිගත් වැඩිදෙනාගේ මතයයි.නමුත් මේ දෙකොටසම කවිය පිළිබද නිසි දැනුමක් නොමැත.

කවිය වනාහි "නිල නොලත් පාලකයා" ලෙස T .B ශේලි වරගන්ව තිබේ.මෙතරම් ප්‍රබල වස්තුවක් වන කවිය අදවනවිට බොහෝදෙනා අර්ථ සුන් ලෙස විනසකර ඇත.කවිය,නිසදැස, හරියාකාරව නොදන්නා වත්මන් පරපුරට කවිය පිළිබද අවබෝද වනු පිණිස කවිය මෙසේ වරගන්වනු ලබමි....

කවිය පිළිබද අග්නි කුරානයේ මෙසේ සදහන්ව ඇත....

නරත්වන් දුර්ලබන් ලෝකේ
විද්‍යා තත්ත්ව සුදුර්ලබා
කවිත්වන් දුර්ලබන් තත්‍ර
ශක්තිස් තත්‍ර සුදුර්ලබා
මෙහි අර්ථය වන්නේ, මනුශ්ශත්වය ලැබීම අතිශය දුර්ලබ කාර්යකි.මනුශ්ශත්වය ලැබුවත් විද්යා ආදී බුද්දිය ලැබීමද අතිශය දුර්ලබ කාර්යකි. විද්යා ආදී බුද්දිය ලැබුවද කවියක රසවිදුම, සහුර්දතා බුද්දිය ලැබීම අතිශයම දුර්ලබ කාර්යකි, යනුවෙනි.
මින් පැහැදිලි වන්නේ කවියකු සතුව පවතින දුර්ලබ කවි ශක්තිය හා බැදී වාසනා ගුණයත් එක්විය යුතු බවයි.
කවිය සතු දුර්ලබ වූ ශක්තිය කවරේදැයි විමසා බලමු.
ප්‍රතිබා ශක්තිය නිර්මාණයේ ආලෝකයත් ජීවයත් වේ. කවි ශක්තිය හෝ නිර්මාණ ශක්තිය රැදී පවතින්නේ ප්‍රතිබා ශක්තියෙනි.ප්‍රතිබාව යනු නිර්මාණ කරුවා සතු නිර්මාණ කරණයේ පවතින සහජ හැකියාවයි.මෙය කෙනෙකුට ලැබෙන්නේ පෙර කරනලද පින් මහිමයෙන් ලැබෙන සාසනා ගුණයෙන්ම පමණි.ප්‍රතිබා ශක්තිය ඇත්තෝ අපුර්ව වස්තු නිර්මාණය කරති.අපුර්ව වස්තු නිර්මාණය මගින් සමාජ ගතවන කලාත්මක නිර්මාණ දේශ සිමා, සංස්කෘතික සීමා,භාෂා ප්‍රබෝදයන්,ඉක්මවා සම්බවය තත්වයට පත්වේ.එවැනි නිර්මාණ සම්භාව්‍ය නිර්මාණ ලෙස ලෝක සම්මානයට පත්වේ.
ප්‍රතිබා ශක්තිය මල්පල ගැන්වෙන්නේ පරිකල්පන ශක්තිය මගිනි.
පරිකල්පනය යනු නිර්මානාත්මක චින්තනයේ අරම්බයයි.පරිකල්පනය පියවර කිහිපයක් ඔස්සේ සිදුවේ.නිර්මාණ ශිල්පියා ලබාගන්නා අත්දැකීම් මතකයේ රදවාගනී.එනම් ස්මෘතියේ සදහන්වේ.ඉන් අනතුරුව එම අත්දැකීමට නිර්මාණයක් සදහා අවශ්‍ය නව සංකල්ප රුප මාලාවක් එකතුවේ.ඉන් අනතුරුව නිර්මාණයක් සදහා වුචිත සංකල්ප රුප තිබියදී අනවශ්‍ය සංකල්ප රූපයන් ඉවත් කරමින් නව නිර්මාණයක් සදහා අවශ්‍ය කාල්පනික ක්‍රියාවක නිරතවේ.ඉන් අනතුරුව නිර්මාණයක් සදහා අවශ්‍ය පසුබිම සැකසේ.ගීතයක් නම් අන්තර්ගත ආකෘතිය,හා පද පිළිවෙලක්,,,, චිත්‍රපටයක් නම් රුප රාමු,කතාව හා තිරනාටකය ආදියයි. මෙම කාර්ය නිර්මාපකයාගේ සිත්හි උචිත පරිදි බිහිවනු ඇත.මේ අනුව පැහැදිලි වන්නේ පරිකල්පනය යනු සත්‍යයේත් කල්පිතයේත් යම් ප්‍රමාණයක මිශ්‍රණයකින් නිර්මාණය උවක් බවයි.

         

කවියා සතු විය යුතු මීලග ගුණාංගය වනුයේ විඋත්පත්ති න්යනයයි.

එනම් නිර්මාණය සදහා අවශ්‍ය දෑ උචිත අනුචිත වශයෙන් තෝරා බේරා ගැනීමේ හැකියාවයි.සංස්කෘත පඩිවරුන් විඋත්පත්ති න්යනයයි නිර්වචනය කලේ "උචිනානුචිත විවෙකෝ වියුප්පත්ති " යනුවෙනි.

සතතා අබ්යාස කවියා සතු වියයුතු මීලග ගුනාන්ගයයි.

නිරන්තරයෙන් කෙරෙන නිර්මාණ පිළිබද ව අබ්යාසය මේ නමින් හැදින්වේ.

කවියෙකුනම් නිරන්තරයෙන්ම රචනයේ යෙදිය යුතුය.කලක් විශයෙන් බැහැරව සිටීම නිර්මාණ ශක්තිය හීන වීමට හේතුවක් වනු ඇත.




කවිය අවියකි
ලොව වෙනස් කළහැකි............................