Sunday, April 29, 2012

කවිය

                                                                   






වර්තමානයේ කවිය කුමක්ද යන්න පවා හරිහැටි නොදන්නා සමාජයක් සිටීම ශෝක ජනකය. FACE BOOK කවියන් අද සමාජයේ ඉදිරියෙන් සිටින බව පිළිගත් වැඩිදෙනාගේ මතයයි.නමුත් මේ දෙකොටසම කවිය පිළිබද නිසි දැනුමක් නොමැත.

කවිය වනාහි "නිල නොලත් පාලකයා" ලෙස T .B ශේලි වරගන්ව තිබේ.මෙතරම් ප්‍රබල වස්තුවක් වන කවිය අදවනවිට බොහෝදෙනා අර්ථ සුන් ලෙස විනසකර ඇත.කවිය,නිසදැස, හරියාකාරව නොදන්නා වත්මන් පරපුරට කවිය පිළිබද අවබෝද වනු පිණිස කවිය මෙසේ වරගන්වනු ලබමි....

කවිය පිළිබද අග්නි කුරානයේ මෙසේ සදහන්ව ඇත....

නරත්වන් දුර්ලබන් ලෝකේ
විද්‍යා තත්ත්ව සුදුර්ලබා
කවිත්වන් දුර්ලබන් තත්‍ර
ශක්තිස් තත්‍ර සුදුර්ලබා
මෙහි අර්ථය වන්නේ, මනුශ්ශත්වය ලැබීම අතිශය දුර්ලබ කාර්යකි.මනුශ්ශත්වය ලැබුවත් විද්යා ආදී බුද්දිය ලැබීමද අතිශය දුර්ලබ කාර්යකි. විද්යා ආදී බුද්දිය ලැබුවද කවියක රසවිදුම, සහුර්දතා බුද්දිය ලැබීම අතිශයම දුර්ලබ කාර්යකි, යනුවෙනි.
මින් පැහැදිලි වන්නේ කවියකු සතුව පවතින දුර්ලබ කවි ශක්තිය හා බැදී වාසනා ගුණයත් එක්විය යුතු බවයි.
කවිය සතු දුර්ලබ වූ ශක්තිය කවරේදැයි විමසා බලමු.
ප්‍රතිබා ශක්තිය නිර්මාණයේ ආලෝකයත් ජීවයත් වේ. කවි ශක්තිය හෝ නිර්මාණ ශක්තිය රැදී පවතින්නේ ප්‍රතිබා ශක්තියෙනි.ප්‍රතිබාව යනු නිර්මාණ කරුවා සතු නිර්මාණ කරණයේ පවතින සහජ හැකියාවයි.මෙය කෙනෙකුට ලැබෙන්නේ පෙර කරනලද පින් මහිමයෙන් ලැබෙන සාසනා ගුණයෙන්ම පමණි.ප්‍රතිබා ශක්තිය ඇත්තෝ අපුර්ව වස්තු නිර්මාණය කරති.අපුර්ව වස්තු නිර්මාණය මගින් සමාජ ගතවන කලාත්මක නිර්මාණ දේශ සිමා, සංස්කෘතික සීමා,භාෂා ප්‍රබෝදයන්,ඉක්මවා සම්බවය තත්වයට පත්වේ.එවැනි නිර්මාණ සම්භාව්‍ය නිර්මාණ ලෙස ලෝක සම්මානයට පත්වේ.
ප්‍රතිබා ශක්තිය මල්පල ගැන්වෙන්නේ පරිකල්පන ශක්තිය මගිනි.
පරිකල්පනය යනු නිර්මානාත්මක චින්තනයේ අරම්බයයි.පරිකල්පනය පියවර කිහිපයක් ඔස්සේ සිදුවේ.නිර්මාණ ශිල්පියා ලබාගන්නා අත්දැකීම් මතකයේ රදවාගනී.එනම් ස්මෘතියේ සදහන්වේ.ඉන් අනතුරුව එම අත්දැකීමට නිර්මාණයක් සදහා අවශ්‍ය නව සංකල්ප රුප මාලාවක් එකතුවේ.ඉන් අනතුරුව නිර්මාණයක් සදහා වුචිත සංකල්ප රුප තිබියදී අනවශ්‍ය සංකල්ප රූපයන් ඉවත් කරමින් නව නිර්මාණයක් සදහා අවශ්‍ය කාල්පනික ක්‍රියාවක නිරතවේ.ඉන් අනතුරුව නිර්මාණයක් සදහා අවශ්‍ය පසුබිම සැකසේ.ගීතයක් නම් අන්තර්ගත ආකෘතිය,හා පද පිළිවෙලක්,,,, චිත්‍රපටයක් නම් රුප රාමු,කතාව හා තිරනාටකය ආදියයි. මෙම කාර්ය නිර්මාපකයාගේ සිත්හි උචිත පරිදි බිහිවනු ඇත.මේ අනුව පැහැදිලි වන්නේ පරිකල්පනය යනු සත්‍යයේත් කල්පිතයේත් යම් ප්‍රමාණයක මිශ්‍රණයකින් නිර්මාණය උවක් බවයි.

         

කවියා සතු විය යුතු මීලග ගුණාංගය වනුයේ විඋත්පත්ති න්යනයයි.

එනම් නිර්මාණය සදහා අවශ්‍ය දෑ උචිත අනුචිත වශයෙන් තෝරා බේරා ගැනීමේ හැකියාවයි.සංස්කෘත පඩිවරුන් විඋත්පත්ති න්යනයයි නිර්වචනය කලේ "උචිනානුචිත විවෙකෝ වියුප්පත්ති " යනුවෙනි.

සතතා අබ්යාස කවියා සතු වියයුතු මීලග ගුනාන්ගයයි.

නිරන්තරයෙන් කෙරෙන නිර්මාණ පිළිබද ව අබ්යාසය මේ නමින් හැදින්වේ.

කවියෙකුනම් නිරන්තරයෙන්ම රචනයේ යෙදිය යුතුය.කලක් විශයෙන් බැහැරව සිටීම නිර්මාණ ශක්තිය හීන වීමට හේතුවක් වනු ඇත.




කවිය අවියකි
ලොව වෙනස් කළහැකි............................